තම නිල කාමරය වට කර මරණ තර්ජන එල්ල කළේ සිය රැකියාව ගෞරවාන්විතව සිදු කරන කණිෂ්ඨ සේවකයන් නොවන බවත් තම කුඩු හා අයිස් අදායම කඩා වැටෙන බව දුටු කුඩු ගෝලයන් සහ තොප්පිය දාගත් ඇතැම් සුලු සේවකයන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා (23) පැවසීය.
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් එම රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කල තමාව පැය තුනකට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගනිමින් පීඩා සහ ජිවිත තර්ජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් මහතා මෙම අදහස් පල කලහ.
ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය එකොලොස්දාහක් පමණ සිටින බව සඳහන් කළ ඒ මහතා සුළු සේවකයින් 3300 ක් සිටින බව පැවසීය. එදා නිල කාමරය වට කළේ එයින් සේවකයින් සියදෙනෙක් පමණ බවද ඒ මහතා පැවසීය.
තමා මාධ්‍යට කළ මත්ද්‍රව්‍ය හෙළිදරව්වේදී ඇතැම් සේවකයින් කියන විශේෂණ හැඳින්වීම යෙදු බව සඳහන් කළ ඒ මහතා කාමරය වට කළේ ඇතැම් යන විශේෂණයේ තේරුමවත් නොදත් අය බව පැවසීය.
එමෙන්ම තමා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති ලෙස මුළු රෝහල් පද්ධතිය ගැනම හෙළිදරව් කළා මිස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ගැන පමණක් කතා නොකළ බවද පැවසීය.
සිද්ධිය වු දින තම කාමරයට මුත්‍රා බෑග් වලින් දමා ගසමින් ගල්මුල් එල්ල කරමින් එහි පෙනී සිටි කණිෂ්ඨ සේවකයන් සුලු පිරිස අනුන්ගේ තොප්පියක් තමන් දා ගත්තේ ඇයිදැයි තමාට සිතාගත නොහැකි බව පැවසීය.
තමා හෙළිදරව් කළ කාරණා අතර මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවෙකු කණිෂ්ඨ සේවක නිළ ඇදුමක සිටිමේ බරපතලකම බව පෙන්වාදෙන්නක් බව සදහන් කළ ඒ මහතා අද රෝගින්ට වන හිංසාව හෙට මත් ගෝලයන්ගෙන් කණිෂ්ඨ සේවකයන්ට අත් විදිමට සිදුවිය හැකි බව පැවසීය.
වෘතිය සමිති ක්‍රියාත්මක වීම සිදු විය යුතුතේ සේවක අයිතීන් රැකීමට සහ ඔවුන්ගේ වෘතියභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බව සඳහන් කළ ඒ මහතා එම වෘතිය අනතුරට හෙලන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත් ලෝලීන් රැකීම වෙනුවෙන් වෘතිය සමිති පෙරමුණ ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකි බව පැවසීය.
නියම වෘතිය සමිති නම් සිටගත යුත්තේ ගෞවරවාන්විතව සේවයේ යෙදෙන කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිටුපසින් මිස කුඩු ඒජන්තලාගේ අතකොලු වෙමින් ඔවුන්ගේ පසුපසින් නොවන බව පැවසීය.
තමා සමග එක්ව මත් ජාවාරම්කරුවන් සහ කුඩුකාරයන්ගෙන් කණිෂ්ඨ සේවාව රැකීමට සහ බේරා ගැනීමට එදා තම නිලකාමරය අසළ විරෝධය පෑමට පැමිණි ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය, පෙරටුගාමී සෞඛ්‍ය සංගමය, සමස්ථ ලංකා සෞඛ්‍ය සංගමය යන වෘතිය සමිති කණ්ඩායම් සඳහා තමා ආරාධනා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා.