පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
ඒ මහතාගෙන් අද (02) පෙරවරුවේ කළ විමසීමක දී පවසා සිටියේ අද (02) දිනයේ දී රැස්වී ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරා පත් කර ගන්නා බවයි .
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැයි මස 04 වැනිදා නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්දය පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බවත් එදිනට සමගි ජන බලවේගයේ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන බවත්ය.
මහනුවර ෂේන් සෙනෙවිරත්න
