වෙස්මිනිස්ටර් සම්ප්‍රධාය අනුව නියෝජ්‍ය ඇමතිවරයෙකුට වුවද පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
මෙරට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල විශ්වාසභංග සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන බවත්, එය සිදුවන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුව බවත් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් , නියෝජ්‍ය අමාත්‍යවරයෙක් යන සියලු දෙනාම විධායකයේ කොටස්. ඒ නිසා අමාත්‍යවරයෙක් වුණත්, රාජ්‍ය අමාත්‍යවරයෙක් වුණත් , නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වුණත් විධායකයේ වගකීම් ඉටු කිරීමට අදාළව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම අපේ රටේ පාර්ලිමේන්තුව සම්බන්ධ ස්ථාවර නියෝග වල විශ්වාසභංග පිළිබඳ කිසිදු සඳහනක් නෑ. ඒක පාර්ලිමේන්තු සම්ප්රධායෙන් තමයි එන්නේ. ස්ථාවර නියෝග මගින් ආවරණය කරන්නේ නෑ. ඒ නිසා කිසිදු බාධාවක් නෑ අමාත්‍යවරයෙකුට, රාජ්‍ය අමාත්‍යවරයෙකුට , නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංගයක් අරන් එන්න.
එංගලන්තයේ සම්ප්‍රධාය වන වෙස්මිනිස්ටර් සම්ප්‍රධාය තමයි අපි ගරු කරන්නේ. මොකද පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අපේ රටේ ව්‍යාවස්ථාපිත නීතියේ ප්රතිපාධනයක් නැතිකොට හිස්තැන පුරවන්නේ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් සම්ප්‍රධාය අනුව. අර්ස්කින් මේ සිය ග්‍රන්තයේ සඳහන් කරලා තිබෙනවා කැබිනට් ඇමතිවරයෙකුටත්, නියෝජ්‍ය ඇමතිවරයෙකුටත් ඇතුළුව විධායකයේ ධුර දරණ ඕනෑම නිලධාරියෙකුට අදාලව විශ්වාසභංග අරන් එන්න පුළුවන් වගේම එංගලන්තයේ එවැනි උදාහරණ අනන්තවත් තිබෙනවා.
ඉන්දියාවේ අපි දැක්කා උප ජනාධිපතිවරයාට 2023දී විශ්වාසභංගයක් අරන් එනවා. ලංකාවෙත් 1981දී අමිර්තලිංගම් විපක්ෂනායකතුමාට එරෙහිව විශ්වාසභංගයක් අරන් ආවා. විවාද කළා, ඡන්ද විමසීමකුත් පැවැත්වුවා. ලංකාවේ උදාහරණ තිබෙනවා කැබිනට් ඇමතිවරයෙකුට හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග අරන් එනවාට අමතරව අනෙකුත් අවස්ථාවලදීත් විශ්වාසභංග අරන් එන්න. මීට කලින් ලංකාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් අරන් ආවේ නෑ කියන එක සත්‍යක්. නමුත් වෙස්මිනිස්ටර් සම්ප්‍රධාය තුළ ඒක කරන්න පුළුවන්. ”