නියාමනය කරන කුලී ත්‍රි රෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ත්‍රි රෝද රථ සංගම් නියෝජිතයන්, ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී ත්‍රි රෝද රථ නියාමනය කිරීම මෙන්ම ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.