ඉදිරි පස්වසර අවසන්වන විට රටේ සමස්ත තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 400 ක් දක්වා ඉහළ නැංවීම අරමුණු කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මානතයේ නියැලෙන කුඩා තේ වතු හිමියන්, තේ තවාන් කරුවන්, අමු තේ දලු එකතු කරන්නන් හා තේ කර්මාන්ත ශාලා හිමිකරුවන් අතර හමුවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 16දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ඇමරිකන් ඩොලර් බිලියන 2.5 ක් දක්වා 2030 වසර වනවිට නිමි තේ ආදායම ඉහළ නැංවීම රජයේ අරමුණ ඇතිව මෙම සාකච්ඡාව පැවැත්විණි. මේ වනවිට තේ නිෂ්පාදනයෙන් උපයන ආදායම ඩොලර් බිලියන 1.49 ක් පමණ වේ. එය නිමි තේ දලු කිලෝ මිලියන 262 ක් පමණ වේ. නිමි තේ දලු කිලෝ මිලියන 400 ක් දක්වා ඉහළ නැංවීම අනාගත ඉලක්කයයි.
රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට විසිපහක (25%) පමණ දායකත්වයක් ලබා දෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. කුඩා තේ වතු හිමියන් 118,000 ක් පමණ රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින අතර, අමු තේ දලු එකතු කරන්නන්ද 550 ක් පමණ සිටිති. එමෙන්ම සක්‍රීය තේ කර්මාන්ත ශාලා 93 ක්ද රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිතව ඇත.
සමස්ත තේ වගාව, තේ වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම හා අනෙකුත් වැවිලි භෝග විවිධ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥයින් ගෙන් සමන්විත රෝග මර්ධන බලකායක් පිහිටුවීම, කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් පිළිබඳ දත්ත පද්ධතියක් සකස්කර එය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම, තේ වගාවේ ගුණාත්මක බව තව තවත් ඉහළ නැංවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවිය.
අජිත්ලාල් ශාන්තඋදය
