වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපේක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන තෙක් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාල ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.