නිදි යහනේ මියගොස් සිටි රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් බව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවීමත් සමග ප්‍රකාශ ලබා දීමට මරණ පරීක්ෂණයට පැමිණ සිටි ඇයගේ සැමියා 15 දින සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇති දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තාරුකා කව්ෂල්‍යා නැමැති තිස් හතර හැවිරිදි එක් දරු මවකි. ඇය ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියාය
දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය දහතුන් වන දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි
ඇයගේ සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබුනේ තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස හතරට පමණ නින්දට ගිය බවත් රාත්‍රී නමයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවය.
ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබිණි, ලන් රථ සේවාවේ පිරිස පැමිණි තම බිරිඳ මියගොස් ඇති බව ප්‍රකාශ කළේ යැයි ඔහු වැඩිදුරටද පොලිසියට ප්‍රකාශ කොට තිබිණි.
කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ බරපතල සැක කළ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මෙම මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සහිත වෙනත් සිද්ධීන් ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙසය.
දඹුල්ල පොලිසිය ම මරණය සම්බන්ධයෙන් ඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ලබාගෙන තිබිණි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම 15 දින පෙරවරුවේ දඹුල්ල රෝහලේදි විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ .එන් .සී . සේනාරත්න මහතා විසින් පවත් වන්නට යෙදුණේය.
එහිදී මරණයට හේතුව ලෙස ෛවද්යවරයා සඳහන් කොට ඇත්තේ හිසට බරපතල හානි සිදුව හිසේ අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ තීන්දුව ලැබීමත් සමග ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය භූමියට පැමිණ සිටි මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගැනීමට එහි පරීක්ෂණ මෙහෙයවමින් සිටි දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .එච් .එම් . නිශාන්ත හේරත් මහතා පියවර ගෙන තිබිණි.
අත්අඩංගුවට පත් මියගිය කාන්තාවගේ සැමියාගෙන් තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම් කටයුතු සිදුකරන බවද මෙම ඝාතනය සිදුකළ ආකාරය සහ සිදු කළේ කුමක් නිසා දැයි යන්න පරීක්ෂණ පවත්වන බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතාපැවසීය
මෙම නිවසේ මියගිය කාන්තාව සහ සැමියා මෙන්ම වයස අවුරුදු පහක කුඩා දරුවෙකු ජීවත්ව තිබුණු බවද කුඩා දරුවා මුල සිටම ඉතා සැක කටයුතු ලෙස හැසිරීම ඔහු දැඩි බියකට පත්ව සිටීම ආදී කරුණු රැසක් මත මෙම පරීක්ෂණ කණ්ඩායම් වල සැකය තවදුරටත් වැඩි වී තිබීම විශේෂත්වයකි. අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.