ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝදයෝ අටදෙනෙක් ගිය යයි කියල පැත්තෙන් බලන් ඉන්න කෙනෙකුට පෙනුනත් පක්ෂයෙන් ගියේ පතාක යෝදයන් නොවන බවත් පක්ෂය කඩාගෙන ගිය අයට අනාගතයක් නැති බවත් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (30) බද්දෙගම පැවති ජන හමුවකදී කීවේය.
“කවුරු ගියත් නිදහස් පක්ෂය බිම දාන්න බැහැ. අපේ පක්ෂය බිම දාන්න කටයුතු කළ අයට කවදාවත්ම යාදෙන්නේ නැහැ. එදාත් පක්ෂය කඩගෙන අය ගියා. මේක අලුත් දෙයක් නෙමෙයි.අපි අපේ පක්ෂය අලුත් කරලා.අලුත් විදිහට ඉදිරියට යනවා.
ඒකට අලුත් අයත් එකතු කර ගන්නවා. පක්ෂයට හොරු මංකොල්ලකාරයන් බදවා ගන්නේ නැහැ.ගෝඨාභය රාජපක්ෂත් අර රාජපක්ෂලා වගේ කෙනෙක් කියලා ජනතාව තේරුම් ගත්තා.ඒකතමයි ජන අරගලය දක්වා ගියේ. ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා රට අවුරුදු දෙකෙන් කඩා වැටුණා. පොහෝර ගැන උපදෙස් ගත්තේ ළමා රෝග විශේෂඥ වෛදයවරුන්ගෙන්.
රනිල් මහත්තයාට අපි කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා.කුඩා කැබිනට් එකක් හදන්න කියලා.කෝ ඒ එකක්වත් කරේ නැහැ. අපි තීරණය කලා ආණ්ඩුවට සහාය දෙන්නේ නැහැ කියලා.
ඇමතිකම් ගත්තා 37ක්. මේකද ජනතාව ඉල්ලුවේ. නැහැ නේ. ජනතාවට කන්න නැහැ. නමුත් විශාල ඇමති මණ්ඩලයක් ආණ්ඩුව නඩත්තු කරනවා. මේ තත්වය යටතේ ඇමතිවරුන් වැඩ කරන්න ඕන නිකං,දීමනා වැටුප් ගන්නේ නැතිව”