74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්වරුන්ගේ පිළිරූ ඇතුළු නිදහස වෙනුවෙන් කැප වූ දස දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්පෝහාර දැක්වීම අද (4දා) ජනාධිපති කාර්යාලය අභියසදී සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව එය සංවිධාන කර තිබිණි.


