රජය මගින් ගෙන ඒමට නියමිත ප්‍රතිතස්ත පනත මගින්රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළත් ඉන් පරිබාහිරවත් කරුණු දක්වමින් ජනතාව දැනුවත් කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායකපූජ්ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පැවැසූහ.
නිදහස පමණට වඩා භුක්ති විදින්නට ගිය විට ද රටේ අවුල් ඇති වී රජය සහ ජනතාව අපහසුතාවයට පත්විය හැකි බව තේරුම් ගත යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කළේය.
උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත්රස්ත පනත මගින් ඇති විය හැකි අවදානම සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම දැනුවත් කිරීම සඳහානිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්කණ්ඩායමපැමිණි අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර,උදයන කිරිඳිගොඩ, හිටපු නාගරික මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් අද (20) පෙරවරුවේ මහනාහිමිවරුන් බැහැ දුටුවේය .
එහිදී වැඩිදුරටත් අනුනායක හිමියන් අවධාරණය කර සිටියේ ප්රජාතන්ත්රවාදය ඔස්සේ හිමි වන නිදහස අසීමිත ලෙස භුක්ති විඳිමින් කටයුතු කරන්නට යාමෙන් විවිධ අවුල් නිර්මාණය වී රජය මෙන්ම ජනතාව ද අසීරුතාවට පත්වන බවත් එවැනි අවස්ථාවල ඒවා පාලනය කිරීම සඳහා යම් යම් නීති අණ පනත් ගෙන එමින් කටයුතු කිරීමට රජයට සිදුවන බවයි.
රටක ප්රජාතන්ත්රවාදය මෙන්ම භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ආරක්ෂා විය යුතු බවට තර්කයක් නොමැති බවත් නිදහස පමණට වඩා භුක්ති විදින්නට යාමෙන් ගැටලු ඇතිවිය හැකි බවද උන්වහන්සේ අවධාරණය කළහ.
කුමන හෝ පනතකින් ජනතාවගේ ජීවත්වීමේ නිදහසටසහප්රජාතන්ත්රවාදයට හානි වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සම්බන්ධව ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට සුදුසු බවත් අනුනාහිමියෝ පැවසූහ.
ෂේන් සෙනෙවිරත්න
