මඩකලපුව - කරදියනාරු මාවඩියෝඩයි ප්‍රදේශයේ නවීන මෙවලම් භාවිත කරමින් නිධන් හෑරීමට උත්සාහ කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙක් ඇතුළු සිව් දෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මාවඩිඔඩයි ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කරන ලද ප්‍රදේශයේ නිධන් හෑරීමට උත්සාහ කරමින් සිටියදී විශේෂ කාර්ය බළකාය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ හමුදා කඳවුරක් භාර නිලධාරියා යටතේ සේවය කරන හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ හිමිනමක් ඇතුළු සිව් දෙනෙකුයි.
තාන්ඩියඩි විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත එම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි යුද හමුදා රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර නිධානය සෙවීම සඳහා රැගෙන ආ නවීන උපකරණ ද සොයා ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය පවසනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ කරදියනාරු පොලිසිය වෙත භාරදී ඇති අතර කරදියනාරු පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.