නීතිය හා සාමය පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ වෙත සහාය දක්වන ලෙසත් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවත් වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් කරමින් පැවැසීය.
එසේම නව ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් දින ප්රකාශ වී ඇති බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිම වෙනුවෙන් තමන් අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්වන බවට මීට පෙර ප්රකාශ කර ඇති බවත් ඔහු පැවැසීය.
එසේම අරගලකරුවන් පාර්ලිමේන්තුව වැටලීමටද සූදානමක් තිබූ බවත් ඒ අනුව එහි ආරක්ෂාව තර කරන ලෙස තමන් ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට උපදෙස් දුන් බවත් අග්රාමාත්යවරයා පැවැසිය.