පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමග ඊයේ (08) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වර්තමාන තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කර ගැනිණ.
එම යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක් කළ ජනාධිපවරයා එහිදී නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධානයට ලක් කරනු ලැබීය.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේදී සියලු යෝජනා කෙරෙහි අවධානයට ගැනිණ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි යන මහත්වරු ඇතුළු විධායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.