නිගන්ඨයින්ට අපි බය නෑ
එදා මෙන් අදත් මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරන නිගන්ටයින් සිටින බවත් ඔවුන්ගේ මඩ ප්‍රචාර වලට ඇනුම් බැනුම් විවේචන වලට භිය වී තමා කිසිදා පස්සට නොයන බවත් ඔවුන් පරදා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තම එකම අරමුණ බවත් කොළඹ සරසවියේ කුලපති පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ .
ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් මේ බව පැවසුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධී අංකුරයක් මත්තේගොඩ ප්‍රදේශයට වැඩමවා මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙන සාමණේර භික්ෂු මධ්‍යස්ථානයේ රෝපණය කිරීම වෙනුවෙන් ඊයේ (07දා) උඳුවප් පුර පෝය දා පැවති උත්සවයක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මෙසේද කීය.
වසර හතළිහක් පමණ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයට මා පැමිණ දැනට වසර දෙකයි. මේ ස්ථානය මා බාරගත්තේ අපිට පන්සල් නැතුව නෙමෙයි.නමුත් මට අද අවශ්‍ය වන්නේ පිරිහෙමින් යන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමයි .එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ මේ සාමණේර භික්ෂුන් වහන්සේලා රැකගැනීමයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා . උන්වහන්සේලාට විවිධ පාර්ශව විසින් විවිධ චෝදනා එල්ල කරනවා. එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළා කියලා ,සෝමාරාම භික්ෂුවට චෝදනා කළා වගේ. අදත් භික්ෂූන් වහන්සේට චෝදනා කරන නිගන්ටයින් දේවදත්තයින් චිංචිමානවිකාන් , සච්චකල ඉන්නව. ඔවුන් වැඩ කරන්නේ කරුමක්කාරයෝ , පවුකාරයෝ කසිප්පු කාරයෝ , වෙරිකාරයො වගේ.
අපි ඕවට සැලෙන්නේ නෑ . බුදුන් වහන්සේගේ දේශනාව " මානිවත්ත අභික්කම " නොනැවතී ඉදිරියට . ඒ බුදු වදන අනුව යමින් අපේ වැඩ ටික අපි කරගෙන යනවා. ගල්මුල් ගහන අය ඒව කරපු දෙන්. අපි මේ තැනට ආවේ පාවාඩ මතින් පමණක් නෙමෙයි . විවිධ අභියෝග හා හැලහැප්පීන් මැද .ඒ නිසා අපිට ඔය ගල් මුල් ප්‍රහාර හොඳට හුරුයි. ඒවට අපි භය නෑ . කළ යුත්ත කරනවා , හළ යුත්ත හලනවා. ඒකයි මගේ ප්‍රතිපත්තිය. වැටුණත් වැටෙන්නේ ඉස්සරහට මිසක් පස්සට නෙමෙයි.ගහන්න ගහන්න බනින්න බනින්න අපි නැගිටිනවා. අපිට මඩ ගැහුවට කමක් නෑ . මුලින්ම මඩ ගෑවෙන්නෙ මඩ අනන කෙනාගෙ අතේ.
මේ අභියෝගය සියල්ල පරාජය කරමින් අපිට ඕන වෙලා තියෙන්නෙ මේ සම්බුද්ධ ශාසනය රැක ගන්න. බෝධීන් වහන්සේ චෛත්‍යය විහාර ගෙවල් මොනතරම් තිබුනත් වැඩ නෑ භික්ෂූන් වහන්සේලා නැත්තන්. ඒ නිසා අපි කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා රැකගැනීමයි. භික්ෂූන් වහන්සේලා නැතිකිරීම මහා පාපයක්.
ඒ නිසා මම තීරණය කළා සාමණේර භික්ෂු අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්න .ඒ කටයුත්ත නොබෝ දිනකින් මත්තෙගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වෙනවා . ඊට අවශ්‍ය ඉදිකිරීම සියල්ල මේ වන විට ආරම්භ කරලා තියෙන්නේ .මාස 15 මේ ඉදිකිරීම් අවසන් කිරීමට තීරණය කළත් රටේ පවතින තත්වය අනුව එය කල් යා හැකියි. මොකද අද මිනිස්සුන්ට මේ ගොඩනැගිලි හදන්න උදව් කරන ට වැඩිය ප්රශ්නය වෙලා තියෙන්නේ එදා වේල හොයාගන්නේ කොහොමද කියලා . යැයි පැවසීය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
-
Dayan Thursday, 08 December 2022 07:55 AM
Yes, hamuduruwane! But without a Range rover how can you protect buddhasadanaya?
Reply : 0 0
Deepal Nirosh Thursday, 08 December 2022 09:01 AM
පූජනීය ඔබ වහන්නේ ඇරඹි උතුම් මහඟු ශාසනික සේවාව සර්වප්රකාරයෙන් සාර්ථක වේවා පතමු. හැබැයි දේශපාලනය පුළුටක් හෝ ගෑවුනොත් මේකත් අර අභයාරාමය වගේම හංවඩු ගැහේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

