නැගෙනහිර පළාතේ පසල් දුවාදරුවන්ගේ ගුණාත්මක, සන්නිවේදන සහ කුසලතා ප්‍රගුණ කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලබාදුන් සුහුරු පුවරු (smart board) තොගය භාරදීම ඊයේ (05දා) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ශෙන්හොන් මහතා විසින් එම සුහුරු පුවරු තොගය ආණ්ඩුකාරවරිය වෙත ප්රදානය කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17ම ආවරණය වන පරිදි පාසල් 20ක් සදහා එම සුහුරු පුවරු එක බැගින් ලබාදුන්හ. එහිදි එම විද්‍යාල වල විදුහල්පතිවරුන්ට ආණ්ඩුකාරවරිය සහ චින තානාපතිවරයා විසින් අදාළ පුවරු නිල වශයෙන් භාරදීමද සිදුවූහ.ආණ්ඩුකාරවරියගේ ඉල්ලිම පරිදි ඉතා කෙටි කාලයක් තුළ චින තානාපතිවරයා විසින් මෙම සුහුරු පුවරු තොගය ලබා දී තිබේ.

