නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15කට සීල් තබයි
නාවලපිටිය නගරයේ පිහිටි සුපිරි වෙළදසංකීර්ණයේ බදු මුදල් නොගෙවූ වෙළදසැල් 15ක් මුද්‍රා තබා එම වෙළදසැල් නගර සභාවට පවරා ගැනිමට මධ්‍යම පළාත් ආදායම් පරික්ෂාකවරුන්ගේ සංගමය (07) දින පියවර ගැනින.
2010 වසරේ මහින්ද චින්තන වැඩ පිලිවෙළ යටතේ ඉදි කරන ලද එම වෙළද සංකීර්ණය කඩ කාමර 187කින් සමන්විතය.
එම කඩ කාමර නගර සභාව මගින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට මාසික රු.1000ක කුලී පදනම මත එම වෙළදසැල් ලබා දී තිබුණි.
2018 වසරේ මධ්‍යම පළාත් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් තක්සේරු කිරිමෙදි එක් වෙළදසැලකට ගෙවන මුදලට වඩා රු.8000ක් තක්සේරු කර තිබිම නිසා එම සුපිරි වෙළදසංකිර්ණයේ වෙළෙදුන් එම තක්සේරු මුදල වැඩි බව පවසමින් නගර සභාව වෙත හිග බදු මුදල් ගෙවීම පැහැර හැර තිබුණි.
එම වෙළදසංකීර්ණයේ ව්‍යාපාරිකයන් විසින් බදු මුදල සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණය හමුවේ නඩු පවරා තබූ අතර එහිදි හිග බදු මුදල් නගර සභිව වෙත ගෙවන ලෙස නියෝග කරමින් එම නඩුව නිෂ්ප්රභා කිරිමට වාණිජ මහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා එවකට නියෝග කර තිබුණි.
නගර සභෘව වෙත ගෙවිය යුතු රු.ලක්ෂ150ක පමණ හිල බදු මුදල් නගර සභෘව වෙත ගෙවන ලෙස නගර සභාව මගින් අවස්ථා කිහිපයකදීම වෙලෙදුන්ට දැනුම් දි තිබුණද එම මුදල තව දුරටත් ගෙවීම මගහැර සිටිම හමුවේ මධ්‍යම පළාත් ලේකම්තුමියගේ නියෝගයක් මත මෙම වෙළදසැල් මුද්‍රා තබා වසා දැමිමට පියවර ගත් බවයි.
එම වෙළදසැල් මුද්‍රා තබන අවස්ථාවේ ඇතැම් ව්‍යාපාරිකයන් පිරිසක් හිග මුදල් වශයෙන් රු.ලක්ෂ 100ක පමණ හිග බදු මුදල් ගෙවු බවත්, එසේ ගෙවීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 15ක් මුද්‍රා තබා නගර සභාවට එම වෙළදසැල් කටයුතු කල බවයි මධ්‍යම පළාත් සභාවේ ආදායම් පරික්ෂක ආර්.එම්. රත්නායක මහතා කියා සිටියේ.
මෙම වෙළදසැල් මුද්‍රා තබා වසා දැමීමට නාවලපිටිය පොලිසියේ නිළධාරින්ගේද සහයෝගය ලබා ගෙන තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
