නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්රියංකර (ස්වාධීන) මහතාගේ නිවස ඉදිරිපිට පසුගියදා සිදු වූ යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය මගින් (12) දින අත්අඩංගුවට ගැනුන නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව (12) දින නාවලපිටිය පොලිසිය විසින් නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්රියංකර මහතාගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදි අනතුරක් සිදු වී දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වූ අයුරු ඒ අසළ පිහිටි ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණි.
එම කැමරා දර්ශන ඔස්සේ විමර්ෂණ පැවැත්වු නාවලපිටිය පොලිසියේ නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.