නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ මාවී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්මල පොලිසිය කියයි.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ නෙඩුකේනි,18 වන කණුව පදිංචි 29 හැවිරිදි මාණක්කම් කලෙයි සෙල්වන් හා වව්නියාව, කදෛර්ය කුලම් පදිංචි 43 හැවිරිදි රාම ක්රිෂ්නන් ඩේවිට පෙනිකින් යන අයවලුන් බවද පොලිසිය පවසයි.
මෙම ලොරි රථය මා වී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කරමින් සිටිය දී මාර්ගයේ දකුණු පසින් මාර්ගයෙන් ඉවතට පැන දකුණු පස අයිනේ තිබු දුරකථන රැහැන් කණුවක ගැටි ඉදිරියට ගොස් දකුණු පස පිහිටි බෝක්කු ගැට්ටේ ගැටී ලොරි රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.
නළලින් හැරීමේ නිරතවන මෙම පිරිස නාරම්මල මානාව ප්රදේශයේ ළිඳක් හරා නැවත නාරම්මල දෙසට ගමන් කරන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්වේ. මෙම අනතුරට සම්බන්ධයෙන් කුරවිල්, උඩයියාර් කට්ට්ටු පදිංචි 49 හැවිරිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පන්නල හේමා රාජපක්ෂ


