නාරම්මල පොලිස් වසමේ ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රියග ගැටී මාරක රිය අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කාර් රථයේ රියදුරු, එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක්, පිරිමි පුද්ගලයෙක් හා කුඩා දැරියන් දෙදෙනෙක් තුවාල ලබා දඹදෙණිය රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී මෝටර් රථයේ රියදුරු හා දැරියන් දෙදෙනා මියගොස් තිබේ. මියගිය දැරියන් දෙදෙනා මාස 9 හා මාස 11ක් වන අතර රියදුරු වයස අවුරුදු 38ක් වන දිවුල්ලෑව, මහව පදිංචිකරුවන් වෙයි. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර හා තවත් මගියෙක් තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබයි. නාරම්මල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.