හාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ශාවත් අධික සුලං හේතුවෙන් කදු මුදුනෙ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කණ්ඩායම් තුනක සාමාජිකයන් 22ක් මෙසේ කදු මුදුනේ අතරමං වී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමට මේවනවිටත් කන්දේගෙදර පොලිසියේ නිළධාරින් පිරිසක් සහ බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ යුධ හමුදා කංඩායමක් පිටවී ගොස් සිටින බවත් කන්දේගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගීත් රත්නායක මහතා පැවසීය .
මීගමුව ප්‍රදේශයේ පදිංචි මොවුන් අද (4) පස්වරුවේ නාරංගල කන්ද තරණය කිරිමට යාමේදී මෙසේ හදිසියේ කඩා වැටී ඇති ධාරානිපාත වර්ශාව සමග හමාගිය දැඩි සුළං සමග ඔවුන් කදු මුදුනේ ඉදිකර තිබු කූඩාරම් ගැලවී සුලගේ ගසාගෙන ගොස් මෙසේ අතරමං වී ඇති අතර සුලං සහ අධික ශීතල හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව සිටින බවත් දැනට ඔවුන් සතුව ඇති ජංගම දුරකථන මාර්ගයෙන් දුරකථන සබදතා පවත්වා ගෙන යමින් ඔවුන් කඩිනමින් මුදවා ගැනීමට කටයුතු සිදු කරන බවත් පොලිසිය සදහන් කලේය .
කන්දේගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගීත් රත්නායක මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩ්දුර පරීක්ෂණ පවත්වති
ඇල්ල ප්‍රසාද් රුක්මාල්/එස. පී. නානායක්කාර