මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්රව්ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.


