පවුලෙන් පවුලට බලය මාරු වුණු දේශපාලනය අද වන විට අවසන් ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට වෙන රැකියාවක් සොයා ගන්නා ලෙස සඳහන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
"පවුලෙන් පවුලට බලය මාරු වුණු වරිග සභා දේශපාලනය අද වන විට අවසන් වී තිබෙනවා. ඒ නිසා අපි නාමල් රාජපක්ෂ පැඟිරාට කියනවා, 'වෙන රස්සාවක් හොයාගන්න' කියලා. ඒ පැඟිරාට බැටන් එක මාරු වන දේශපාලනය ඉවරෙටම ඉවරයි. මේ එන්නේ අලුත් යුගයක්. ඒ තමයි සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය."
විමල් වීරවංශ මහතා මේ බව පැවැසුවේ ඊයේ(19) පොල්ගහවෙල නගර ශාලාවේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ "ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට" සහභාගි වී සිටි පිරිස වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කරමිනි.