නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාදීම හෙට
වසර විසිපහක කාලයක් පුරාවට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ආරක්ෂාකළ රුකබලාගත් රෝස තිරුවාණා කඳුවැටිය සහිත නා උයනමධ්යම සංස්කෘතින අරමුදලට පවරාදීම හෙට (26දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
පුරාවිද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමින් යුතු මෙම උරුමය රැකගැනීමේ අදහසින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත නාමල් උයන හා රෝස තිරුවාණා කන්දේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමේ අයිතිය පැවරීමට තීරණය කළ බව වනවාසී රාහුල හිමියෝ 'අද' පුවත්පතට පැවසුහ.
ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාගැනීමත් සමග එහි ප්‍රවර්ධන කටයුතු රාශියක් සිදුකිරීමට කටයුතු සකස් කර අවසන් බවත්, වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයන් පැමිණෙන සීගිරිය ආසන්නයේ පිහිටි මෙම ජාතික නාමල් උයන කෙරෙහි පවතින සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කරමින් පවතින බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
දඹුල්ල, ඉබ්බන්කටුව ආදී පුරාවිද්‍යා උරුමයන්ද මේ ආශ්‍රිතව පැවතීමෙන් එම කටයුත්ත පහසුවක් බවට පත්ව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
එසේම පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම, සංඥා පුවරු සකස් කිරීම මෙන්ම අනවසර කැණීම්කරුවන්ගේ අධිපත්‍යයට නතුවෙමින් තිබෙන පුරාවිද්‍යා ස්මාරක තහවුරු කොට සුරක්ෂිත බව ඇති කිරීම, සංචාරකයන්ගේ පහසුව සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ඇති කිරීම, ජපන් රජය විසින් පරිත්‍යාග කළ ජේ.ආර්. ජයවර්ධන භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම හා සංචාරක ප්‍රවේශපත් කුටිය විවෘත කිරීම, භූමියේ පුරාවිද්‍යාත්මක උරුමය ගවේෂණ හා සංරක්ෂණ කටයුතු සඳහා යොමු කිරීම, ජාතික නාමල් උයන සඳහා වෙබ් අඩවියක් විවෘත කිරීම, ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම් ඇතුළත් යටිතල පහසුකම් ඇති කිරීම, රථගාලක් ඉදිකිරීම, මංපෙත් ඉදිකිරීම, දෙස් විදෙස් සංචාරක දෙපාර්ශ්වයට ගැළපෙන ආහාරපාන ඇති ආපන ශාලාවක් ස්ථාපිත කිරීම ආදියද සිදු කිරීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාහුල හිමියෝ මෙසේද පැවසුහ.
"1991 වසරේ සිට වසර විසිපහක කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද මම මේ පරිශ්‍රෙය් නවාතැන්ගෙන හිදිමින් රෝස තිරුවාණා කඳුවැටිය සහ නා උයන ආරක්ෂා කළා. නමුත් මින් ඉදිරයට එය තවදුරටත් හොදින් රැකබලාගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ නිසා මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරන්නට මම තීරණය කළා" යැයි පැවසුහ.



popular news
-
Champa Wednesday, 25 July 2018 10:18 PM
මේක කරන්න එපා කියලා කලිනුත් ඉල්ලීමක් කළා. හාමුදුරුවන්ට මේ හිටිය වගේ ලබන අවුරුද්ද වෙනකම් ඉවසන්න තිබුන. පරමාර්ථය ඉතාම උසස්. හැබැයි ක්‍රියාවලිය වැරදියි. මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ මැරිච්ච මිනිස්සුයි තවම ඉපදිලා නැති දරුවොයි විතරයි. යහපලාන ආණ්ඩුව මේ රටේ කිසි දෙයක් ආරක්ෂා කරන ආණ්ඩුවක් නෙමෙයි. අපට උරුම අපේ දේවල් විනාශ කරලා නැති නාහ්ස්ති කරලා දාන ආණ්ඩුවක්. ආණ්ඩුව අනිවර්යයනෙම ඕක බිස්නස් එකකට හරවා ගන්නවා. සිද්ධ වෙන්නේ ඔතන ආරක්ෂා වෙනවා වෙනුවට විනාශ වෙන එක. තව ටිකක් ඉවසන්න බැරි වුනානේ හාමුදුරුවන්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
