නාඳුනන මෘත ශරිර දෙකක් හමුවෙයි
- 22 06 2026
- 07:52
- {{hitsCtrl.values.hits}} views
- ..
වනාතවිල්ලුව පොලිස් වසමේ විල්ලුවේ හා කඩුවෙල කැළණි ගඟේ පාවෙමින් තිබී නාඳුනන පිරිමි මෘත ශරිර දෙකක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වනාතවිල්ලුව පොලිස් වසම
2026.06.20 දින දහවල් වනාතවිල්ලුව පොලිස් වසමේ විල්ලුවේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කඩුවෙල පොලිස් වසම
2026.06.20 දින දහවල් කඩුවෙල පොලිස් වසමේ බෝගහවත්ත ප්‍රදේශයේ කැලණි ගඟේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට කඩුවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් වන තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඩුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

