නානුඔයේ ගිලි තරුණයින් දෙදෙනෙක් මරුට
- 5 09 2026
- 17:03
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
නුවරඒළියේ සිට කොත්මෙල් ජලාශය දක්වා ජලය ගලා බසිනා නානුඔය ඇලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි (05) දින ජීවිතක්ෂයට පත් වී අති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසීය.
මෙසේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය ඒඩිම් බරෝ වත්තේ පදිංචි 23 හැවිරිදි පෙරුමාල් තිවාකරන් සහ හපුතලේ පදිංචි අම්ලගන් ඩික්සන් නැමති 24 හවිරිදි තරුණෙයකි.
හපුතලේ සිට නානුඔය ඒඩ්ම්බරො වත්තේ ඥාති නිවසකට පැමිණි තරුණයා පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමග රදැල්ල ග්ලාස්ගෝ වතුයායේ නානුඔය ඇළට බැස දිය නාමින් සිටියදී හපුතලේ සිට පැමිණි තරුණයා දියේ ගිලි අතුරුදහන් වීමත් සමග ඒම තරුණයා බේරා ගැනිමට දියට පැන්න අනිත් තරුණයාද දියේ ගිලි අතුරුදහන්ව සිටියදි නානුඔය ඇලේ ගඹුරු වලක තිබි නානුඔය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවසින් ඒක්ව සිරුර දෙක ගොඩගත් බවයි පො ලිස් ස්ථානාධිපතිවරයා කියා සිටිෙය්.
ගොඩගත්සිරුරැ දෙක පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඒළිය දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වෙත යොමු කරන බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

