නානුඔය දුම්රිය ස්ථානය පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව නවීකරණය කඩිනම් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා (14) දින නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ බව පැවසීය.
දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කන්ද උඩරට කාර්යබහුල දුම්රිය ස්ථානයක් ලෙස හැදින්වෙන නානුඔය දුම්රිය ස්ථානයේ දැනට පවතින අඩුපාඩුකම් පිලිබද නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති එච්.එල්.ඩී.පී.එච්. ලියනගේ මහතා ඇතුලු සේවකයින් විසින් අමාත්‍යවරයාව දැනුවත් කරනු ලැබීය.
දැනට නානුඔය දුම්රිය ස්ථානයේ පවතින ප්‍රධානතම අඩුපාඩුකම් කඩිනමින් සපුරා දීමට, අමාත්‍යවරයා මෙම සංචාරයේදි එකගතාවය පලකල අතර, නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම සේවාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව නානුඔය නුවරඑළිය දුම්රිය මාර්ගය හේතුවෙන් ජනතාවට වන බලපෑම ගැන ද සාකච්ඡා කර ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානය ආශ්රිත හඳුනා ගත් මූලික අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කෙරෙන අතර, ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් යටතේ එය සිදු කෙරේ.
