නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21දා) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.
මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී ඊයේ (20) රාත්‍රීයේ සිදු වු මාරක රිය අනතුරින් පසුව පොලීසිය මෙම පියවර ගෙන තිබේ.
මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස ඩෙස්ෆෝට් හරහා රවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
මෙම අනතුරින් එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු හා තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 52 කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් අනතුර සිදු වු ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ කටයුතු හා පොලිස් පරීක්ෂණ අද (21) සිදු කරනු ලබන බව පොලීසිය පවසයි.
රියදුරන්ගේ නොසළකිලි බව හා පිටස්තර ප්‍රදේශවල රියදුරන් මෙම මාර්ග කොටසේ ඇති දැඩි බෑවුම නිසි අධ්‍යයනයකින් තොරව රථ වාහන කුඩා ගියරවල ධාවනය කිරීම හේතුවෙන් රථ වාහන අනතුරු සිදුව ජීවිත හානි රැසක් වාර්ෂිකව සිදු වන බැවින් රදැල්ල කෙටි මාර්ගය බර වාහන ධාවනය සම්පුර්ණයෙන් නවතා දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ශාන් හුලංනුගේ