නවෝදයාගම අද ජනතා අයිතියට
මීට වසර තුනකට පෙර ඇති වූ අපහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑමට ලක්ව නිවාස අහිමි වූ පූනාගල, කබරගල පවුල් 50ක් සඳහා ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනතා අයිතියට පත් කෙරේ.
නායයෑමෙන් නිවාස අහිමි වූ මේ ජනතාව වසර තුනකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක අනාරක්ෂිතව දිවි ගෙවූහ. මේ පිරිස සඳහා නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මෙසේ ජනතා අයිතියට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ පවුල් 50ක් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබේ.
එක් නිෙවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම නිවාස එම පවුල්වලට ආරක්ෂිත සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම මෙහි අරමුණ වේ
නිෙවසක් සහ ඉඩමක් ලබාදීමෙන් පමණක් සීමා නොවී, නව නිෙවසේ දෛනික ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ගෘහ උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතුව සෑම පවුලකටම ලබාදීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

