ශ්‍රී ලංකාවට නවීකරණය වූ ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍යද වුවද නීතිය නවීකරණය කිරීමට මුවා වී විපක්ෂයට, මාධ්‍යයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අත තැබීමට ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ අද දින (19දා) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.ෙ
"ශ්‍රී ලංකාවට නවීකරණය වූ ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍යද කියන ස්ථාවරයට උත්තරය ඔව්. ත්‍රරස්තවාදය ජාත්‍යන්තර කරනයට ලක් වී තිබෙනවා. ඔවුන් නවීන තාක්ෂණය භාවිත කරනවා. ඒ ත්රස්තවාදයට මුහුණ දීමට අපේ ත්‍රස්ත විරෝධී පනත නවීකරණය විය යුතුයි.
හැබැයි ත්‍රස්ත විරෝධී පනත නවීකරණය කිරීමේ නාමයෙන් විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරනවා නම් අපි ඒකට විරුද්ධයි. ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත නවීකරණය කිරීමේ මුවාවෙන් මාධ්‍ය මර්දනයට ආණ්ඩුව දරන උත්සාහයට ද අපි විරුද්ධයි.
ඒ නිසා හරි දේ වැරදියට කිරීම තමයි මෙතැනදී සිදු වෙලා තියෙන්නේ. නීතිය නවීකරණය විය යුතුයි. නමුත් නීතිය නවීකරණය කිරීමට මුවා වෙලා විපක්ෂයට වත්, මාධ්‍යයට වත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වත් අත තියන්නට ආණ්ඩුවට ඉඩ දෙන්නට බැහැ.
අපි ඉඩ දෙන්නේත් නැහැ. මේ පනත අලුත් එකක් නෙමෙයි. වත්මන් ජනාධිපතිවරයා අගමැති කාලයේදී 2015 දී තමයි මෙය කෙටුම්පත් කරන්නේ. අපි එදත් මීට එරෙහිව සටන්කරලා මේ පනත පරාජය කර ගත්තා. අපි ඒ සටන යළිත් වතාවක් දියත් කර තිබෙනවා."