නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර ( New Zealand Under 85 KG ) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 04/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ නිලධාරීන් 06 දෙනෙකු ගෙන් සමන්විත නවසීලන්ත රගර් කණ්ඩායම , ලෝකයේ ඔවුන් සිදු කරන ප්‍රථම , මංගල (Inogaral Tour ) විදේශ තරග සංචාරය මෙය වීම විශේෂත්වයකි .
ඔවුන් 04/30 දින රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් 05/04 දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී සහ 05/10 දින කොළඹ තුරග තරග පිටියේ දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය .
