තම ඉඩමේ මායිමේ පිහිටි කාණුවක් පිරිසිදු කරමින් සිටි බව කියන පුද්ගලයකුට අද (4) උදෑසන 9.30 ට පමණ ඉඩම් ආරවුලක් මත අසල්වැසි පුද්ගලයකු විසින් පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම නිසා තුවාල ලැබූ ගාල්ල මහමෝදර ප්රදේශයේ පුද්ගලයකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගාල්ල මහමෝදර ප්රදේශයේ පදිංචි හැටපස් හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා නිවස අසල ඉඩමේ මායිම් කාණුව පිරිසිදු කරමින් සිටියදී මෙම පෙට්රල් බොම්බ ප්රහාරය එල්ලවී ඇති අතර මේ සමඟ තුවාලකරුගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් ප්රහාරයෙන් තුවාල ලැබූ තුවාලකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ජිනේෂ් නානායක්කාර