නිවෙස්ගතෙ නිරෝධායනය වන ක්‍රමවේදය යටතේ මේ වන විට රෝගීන් 41,826 ක් සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසා සිටියේය.
මේ වන විට රෝගීන් 24,847 ක් සුවය ලබා නිවෙස්ගත නිරෝධායන ක්‍රමවේදයෙන් මුදාහැර ඇති බවත් මේ වන විට එම පද්ධතිය යටතේ රෝගීන් 16,502 ක් සිටින බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කර සිටියේය.