නිතිරීති තිබෙනුයේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් බවත් මින් ඉදිරියට රාජ්‍ය නිළධාරින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නොයවන බවත් යෞවන කටයුතු හා අධ්‍යාපනය හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
ඊයේ (7දා) මාතරදි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ පරිසරය ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව සමගයි.
එතුමා එය දේශපාලන ව්‍යාපාරය තුළ සාර්ථකව කර පෙන්නුවා. මින් ඉදිරියට පරිසරයට හානි කරන කිසි දෙයකට ඉඩක් නැහැ. දේශපාලන අධිකාරියෙන් කළත් නිළධාරින්ට සවියක් තිබිය යුතුයි. ඊට ක්‍රියාමාර්ග ගන්න අපි ඒ වෙනුවෙන් පෙනි ඉන්නවා.
නිතිරීති තියෙන්නෙ මහජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් ඒ නිසා රාජ්‍ය නිළධාරින් තින්දු තිරණ ගන්න බියවියයුතු නැහැ. මින් ඉදිරියට රාජ්‍ය නිළධාරින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට යවන්නෙ නැහැ.
පසුගිය කාලයේ ආණ්ඩුවත් ප්‍රදේශිය සභාවන් දෙපැත්තක තිබූ නිසා වැඩ කටයුතු අඩාළ වුණා. විමද්‍යගත අරමුදල් හරියට ලැබුණේ නැහැ. මෙිවට හේතු තිබුණා. ඉතිහාසයේ නොතිබූ දේවල් සිදුවුණේ මේ ප්‍රශ්න නිසයි මේක තමයි ඇත්ත. මම මාතර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ඒ කාලයේ මේ වගේ දේවල් සිදු වුණේ නැහැ. ඒකයි මම කියන්නේ දැන් නිළධාරින්ට නිත්‍යානුකුලව හරි තින්දු ගන්න කියලා. නිසි ටෙන්ඩර් පටිපාටියට වැඩ කරනවානම් බිය යුතු නැහැ. මම නැවතත් කියන්නෙ හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කියලයි.’’ යැයි පැවසිය .