ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 ක් හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවන අඹගමුව ආසාදිතයන් 17ක්, බගවන්තලාව ආසිදිතයන් 08ක්, කොටගල ආසාදිතයන් 61ක්, කොත්මලේ ආසාදිතයන් 77ක්, ලිදුල ආසාදිතයන් 06ක්, මස්කෙළිය ආසාදිතයන් 01ක්, මතුරට ආසාදිතයන් 01ක්, නුවරඑළිය ආසාදිතයන් 09ක්, නව තිස්පනේ ආසාදිතයන් 44ක්, රාගල ආසාදිතයන් 14ක්, වලපනේ ආසාදිතයන් 49ක්, හා නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 09ක් වශයෙන් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන් 302ත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගණන 10026 දක්වා ඉහල ගොස් ඇති බවත් මෙසේ හමුවු ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් මෙසේ හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්