නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 99 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 12152 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
ඊයේ දින සවස ලැබුන වාර්ථා මත එම දිනට මෙම නව කොවිඩ් ආසාදිතයන් අඹගමුව, ලිදුල, වලපනේ, නව තිස්පනේ, රාගල, නුවරඑළිය, යන සෞඛ්‍ය බල ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 248ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
( චන්ද්‍ර සෙල්ලහේවා හැටන්)