මස්කෙළිය, බගවන්තලාව,කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග නුවරරළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1513 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශබාර නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ආශ්රිත වතු කරයෙන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හමුව ඇති බවත්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ 11 වාර්ථාවී ඇති බවත් මෙම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පි. සි. ආර්. පරික්ෂන වැඩි කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්