තම පියා නුවන් ගුණවර්ධන, තම මව හා තමාද කොවිඩ් ආසාදිත වී ඇති බව නව පරපුරේ ගායන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක්ද වන ගයාන් ගුණවර්ධන මහතා පවසයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් මේ බව තහවරු කර තිබේ.
“මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.
තවද ඔබ සියලු දෙනා මේ භයානක කාල සීමාව තුල පරෙස්සමින් සිටින මෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතර අපටද ඉක්මන් සුවය ප්රාර්තනා කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.