තේ දළු ප්රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරු ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු අද (25දා) ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ප්රදේශයේ පදිංචි කරුපයියා කන්නිඅප්පන් (36) නැමති එක්දරු පියෙකි.
මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්රවාහනය සඳහා ලොරි රථය පණ ගන්වා,රියදුරු රථයෙන් බැස සිටින අවස්ථාවේ එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වී තිබේ. ඒ මොහොතේ ලොරි රථය නතර කිරිමට එයට නැගිමට උත්සාහ කරන අවස්තාවේ එම ලොරි රථයට යට වී රියදුරු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
අනතුර පිලිබදව දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.