ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ජනතාව වෙත මුදා හැර ඉඩම්වල සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 1.3ක් ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන හරහා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබාදෙයි. මේ හරහා පුද්ගලයන් 2500කට අධික පිරිසකට තම නිවෙස් වෙත නැවත පැමිණීමට අවස්ථාව ලැබෙන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මඩකලපුව හි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.