නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී 18දා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරන තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු හා එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2026.07.19 දින සවස බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී හා නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේදී අපරාධයට යොදා ගත් යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21 හා 29 වයස්වල පසුවන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.