මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාශක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (30) දින හමුවූ බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් හා මන්නාරම් අඩම්පන් පොලීසිය ඒකාබද්ව වෙඩිතලතිව් ප්රදේශයේදී සිදුකරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී අතහැර දමන ලද ළිඳක්තුල තිබී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද පුද්ගල නාශක බෝම්බ 29 ක් හා මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් තිබී සොයාගෙන ඇත.