කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබුණි. ඔවුන්ගෙන් 13 දෙනෙකු හෝමාගම රෝහලින්ද. 05 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, දෙදෙනෙක් (02) මිනුවන්ගොඩ රෝහලින්ද, එක් (01) නාවික පුද්ගලයෙකු අඩිඩීඑච් රෝහලින්ද, තවත් නාවික පුද්ගලයෙකු නාවික මහ රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කළ පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා පුද්ගලයින් 22 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 388ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ