ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
මෙම කණ්ඩායමෙන් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලට ද, සේවා අවශ්‍යතාවයේ ප්‍රම්‍රඛතාව සලකා අනෙකුත් පළාත් වල රෝහල් වලට ද ලබාදීමට පියවර ගෙන ඇත.
මෙම උත්සවය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා, ලාල් පනාපිටිය, අධ්යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු ඇතුළු වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කෂිනි හපුආරච්චි