නවක වදය දුන් කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුන් හතරක් අල්ලයි
නවක වදය එපාවී වැවට පැන්න කුලියාපිටිය කාර්මික විද්‍යාල දැරියගේ සිද්ධියට අදාළව නවකවදය දුන් බැව් කියන සිසුන් 3 ක් හා සිසුවියක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන් සිව දෙනෙකි.
කුලියාපිටිය කාර්මික විද්‍යාල ඉතිහාසයේ මෙවන් කෲරලෙස සිසුන්ට සැලකීමක් පිළිබඳ වාර්තා නොවූ බවත් ඊට සම්බන්ධ තවත් අය සිටීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය කියයි.ෙ
එමෙන්ම මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 1998 නවකවදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හෙට (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතබැව් පොලීසිය කීය.
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ, සහකාර පොලිස් අධිකාරී වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.
කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

