නව හැවැරිදි දැරියට අතවර කළ හිමිනම වසර 10ක් හිරේට
නව හැවිරිදි බාල වයස්කාර දියණියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් රුපියල් විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි හා දඩ මුදල් නොගෙව්න්නේ නම් තවත් මාස තිහක ලිහිල් සිර දඩුවම් ලබාදෙන ලෙසත් අද (29දා) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ බරපතල වැඩ සහිත සිර දඩුවම්,වන්දි හා දඩ මුදල් ගෙවීම්ට නියෝග කෙරුණා ඇල්පිටිය උඩුවිල විවේක සේනාසනයේ වැඩසිටි උඩුවිල සුජාත නමැති හිමි නමකටය.
පියා දමා ගොස් සිටියදී මව කුලී වැඩ කරමින් රැක්ක මේ දැරිවිය නැති බැරි කමට මේ විහාරස්ථානයේ වැඩපල කරමින් සිටියදී සැකකාර හිමි නම 2009 සැප්තැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මේ දැරියට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කියමින් ඇල්පිටිය පොලීසිය විසින් මේ හිමි නම සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන හිමි නමට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලදි.
වසර දාහතරක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ විභාගවූ මේ නඩුව තීන්දුව අද (29දා) ප්රකාශයට පත් කළේ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතායි.
popular news
-
නිලම්බර මේඝවර්ණ Wednesday, 30 August 2023 07:38 AM
එක තැනක ගෑණු ළමයෙක් තවත් තැනක පිරිමි ළමයෙක්. මොකක්ද අප්පා මේ? කන්ෆියුස් වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

