තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශණයකට අවශ්‍ය සිටි නේවි සම්පත් නොහෝත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2008 හා 2009 වසර වලදී මෙම අතුරුදන් කිරීම් සිදුවී තිබේ. කොළඹ ලෝටස් පාරේදී ව්‍යාජ හැඳුනුම්පතක් සහිතව සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
නේවි සම්පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටුපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර ඒ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායකද වෙයි.