යෝජිත නව විදුලිබල පනත අද (20දා) කැබිනට් මණ්ඩල අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
විදුලිබල ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කරමින් පවතින බව වාර්තා විය. එමෙන්ම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමග පැවති සාකච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහාය පිළිබඳව ද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර සාකච්ඡා සිදුවෙමින් පවතියි.
තවද නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව ගැන මෙන්ම විදුලිබල ක්ෂෙත්රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නීති සකස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදු කෙරෙන බව වාර්තා විය.