නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් අනතුරුව ගෙවුණ දින 30ක කාලයේදී මුදල් අච්චි ගැසීම සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ. ඒ අනුව පසුගිය දින 30ක කාලය තුළ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 20.14ක වටිනාමක් පමණි.
දේශපාලන අස්ථාවර භාවය සහ අදායම් උත්පාදනය සහ වියදම් පාලනයට අසමත්වීම හේතුවෙන් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීමේ නිරතව සිටින බව මුදල් අච්චු ගැසීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
එසේම ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ සහෝදරයින් ජනපති - අගමැති තනතුරු සඳහා පත්වීමෙන් පසුව 2020 ජනවාරි සිට මේ දක්වා රු. බිලියන 1795.10 ක් හෙවත් රු. මිලියන 1,795,100 ක් මේ දක්වා අච්චු ගසා ඇති බවද ඔහු පවසයි.
