ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින අද (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ පැවසීය.
නව ප්‍රභේදය සමඟ , ලෝක සංඛ්‍යා ලේඛන දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බවත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තර වශයෙන් පවා පවතින බවත් අමාත්‍යවරයා කීය.
ඇතැමුන් රටෙහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන තත්ත්වයක පවතින බවට දුර්මත ගෙනයන බවද, එහෙත් එවැනි තත්ත්වයක් කිසිලෙසකින් ඇති නොවන්නට වගබලා ගන්නා බවත්, විශේෂයෙන් රටෙහි සෞඛ්‍ය පද්ධතියට මේ උදෙසා හැකියාවක් පවතින බවත් එමෙන්ම එයට විශ්වාසයක් , ආත්ම ශක්තියක් පවතින්නේ පුහුණුව ලත් රටට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුළ සිටීම මෙන්ම ඔවුන්ගේ ප්‍රශංසනීය කැපවීම නිසා බවත් අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයවේදය රටතුළ ඉතා සාර්ථක වූ බවත් අවශ්‍ය තරම් ඇඳන් , ඔක්සිජන් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත් රටෙහි පුරවැසියන්ට කිසිදු අවස්ථාවක අඩුපාඩුවක් නොවන අයුරින් රටේ සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ක්‍රියාවට නංවීමට හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයන්හි නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.