විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි‍්‍රයාකාරිත්වය හා අභියෝග පිළිබඳ අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ඔවුන් පැහැදිළි කිරීම් සිදු කළහ.
තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳ කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබා දී නොමැති බව ජනපතිවරයා පැවැසීය.
පොලිස් දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් එහි දියුණුවට කටයුතු කරනවා සේම දෛනිකව පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ද විද්‍යාත්මක පදනමකින් සකස් කෙරුණු විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපතිවරයා පැවැසීය.
ඒ සඳහා විද්වත් සහ විශේෂඥ සහය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙර පැමිණිලි පිළිබඳ අධ්‍යයනය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ එම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරිමේ හැකියාව ද පැහැදිළි කළේය.
ප්‍රතිපත්තිමය තීන්දුවකින් තොරව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම තුළින් මතුව ඇති භෞතික සම්පත් ගැටලුව පිළිබඳව මෙහිදී ජනාධිපතිගේ අවධානය යොමු වූ අතර ඉදිරියේ දී පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ දී කමිටුවක් හරහා ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙසයි. එහිදී පළාතේ ජනගහණය, ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඇතුළු අනෙකුත් පසුබිම් සලකා බැලීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.
පරිගණක අපරාධ මැඩලීම සඳහා පොලිස් නිලධාරින් පුහුණු කිරීම ඇතුළු පොලිස් නිලධාරින්ගේ පුහුණු කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර උතුරු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපති උපදෙස් දුන්නේ ය.
මේ අතර කොළඹින් බැහැර ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල පොලිස් නිලධාරින් සඳහා වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිගේ අවධානය යොමු විය.
එමෙන්ම දුරබැහර සිට රාජකාරි සඳහා කොළඹට පැමිණෙන කාන්තා පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
මෑතක සිට දුරබැහැර බස් රථවල සිදුවන කප්පම් ලබා ගැනීම පිළිබඳ ලැබෙන වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද කඩිනමින් අවධානය යොමුකර වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.